International May Day 2014  |  World Socialist Web Site  WSWS.ORG

This material is also available in: French, German, Tamil

International May Day 2014

අන්තර්ජාලය හරහා මැයි 04 ඉරිදා රැලිය

සමාජ සමානතාවය සඳහා සටන් වදිනු! ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරනු! යුද්ධය කරා ගමන නතර කරනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග
මැයි දිනය සමරන්න!

සමාජ සමානතාවය සඳහා සටන් වදිනු! ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරනු! යුද්ධය කරා ගමන නතර කරනු! කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා!

2014 ජාත්‍යන්තර මැයි දිනයසැමරීම සඳහා, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අසමානතාවය, ආඥාදායකත්වය හා යුද්ධයට එරෙහිව අන්තර්ජාලය හරහා(ඔන් ලයින්) රැලියක් සංවිධානය කරයි. මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වීමට අදම ලියාපදිංචිවන මෙන් අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. මානව වර්ගයා මුහුනපා ඇති මූලික ප්‍රශ්න ගැන ලොව පුරා සිටින කථිකයින් මෙහිදී අදහස් දක්වනු ඇත.

බැංකු හා මූල්‍ය පද්ධතිය ගලවා ගැනීමට ඇප බැඳි, ව්‍යාපාරික හා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ දේශපාලන නියෝජිතයෝ, රුදුරු කප්පාදු හා වැටුප් කැපීම් තුලින් ඒ සඳහා ගෙවන ලෙස කම්කරු පන්තියට බල කරති. සමාජ පිපිරීම් සඳහා වන සූදානමේදී අති මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කෙරෙමින් තිබේ. අප ප්‍රථම ලෝක සංග්‍රාමයේ සිය වන සංවත්සරය කරා එල‍ඹෙමින් සිටියදී එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් සංවිධානය කල යුක්‍රේනයේ දක්ෂිනාංශික කුමන්ත්‍රනය, පරම්පරා ගනනාවකට පසුව හටගෙන ඇති වඩාත්ම අන්තරායකාරී ජාත්‍යන්තර භූදේශපාලනික අර්බුදය නිර්මානය කර තිබේ.

ජනගහනයේ අති මහත් බහුතරයකගේ හඬ ඇසිය යුතුය! සෑම රටකම කම්කරු පන්තිය, මානව වර්ගයා ව්‍යසනයක් තුලට දක්කන සංගත හිමියන්ගේ හා බැංකුකරුවන්ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධත්වය පලකිරීමට නැඟී සිටිය යුතු වෙලාව මෙයයි.

අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරිත්වය නැඟී ඒම හා ධනවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පන්ති සම්බන්ධතා ප්‍රතිව්‍යුහගත කිරීමේ ගෝලීය ව්‍යාපාරය හමුවේ, අන් කවරදාකටත් වඩා කම්කරු පන්තියේ සටන් පාඨය විය යුත්තේ “ලෝකයේ කම්කරුවනි එක්වව්!” යන්නය.


රැලියේ දිනය හා වේලාව

රැලිය පැවැත්වෙන්නේ
2014 මැයි 04 වන ඉරිදා යි

ලියාපදිංචි වූවන්ට එම දිනයෙන් පසුව පටිගත කිරීම් ලබාගත හැක.

කලාපීය වේලාවන්

නැඟෙනහිර එක්සත් ජනපද වේලාව (EDT): පෙ ව 11:00 - ප ව 3:00
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් (PDT): පෙ ව 8:00 - ප ව 12:00
මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි: පෙ ව 10:00 - ප ව 2:00
එංගලන්තයේ ලන්ඩන් (BST): ප ව 4:00 - ප ව 8:00
ජර්මනියේ බර්ලින්: ප ව 5:00 - ප ව 9:00
ඊජිප්තුවේ කයිරෝ: ප ව 5:00 - ප ව 9:00
රුසියාවේ මොස්කව්: ප ව 7:00 - ප ව 11:00
ඉන්දියාව හා ශ්‍රී ලංකාව: ප ව 8:30 - පෙ ව 12:30
චීනයේ බීජිං : ප ව 11:00 pm - පෙ ව 3:00
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි :පෙ ව 1:00 am - පෙ ව 5:00 (මැයි 05දා උදෑසන)

ඔබගේ කලාපීය වේලාව දැනගැනීමට මෙහි ක්ලික් කරන්න.

කථිකයෝ

ඩේවිඩ් නෝර්ත්, එක්සත් ජනපද සසප ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවි ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති
පීටර් ෂ්වාස්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම්
ක්‍රිස් මාස්ඩන්, එක්සත් රාජධානියේ සසප ජාතික ලේකම්
විජේ ඩයස්, ශ්‍රී ලංකාවේ සසප ප්‍රධාන ලේකම්
නික් බීම්ස්, ඕස්ට්‍රේලියාවේ සසප ජාතික ලේකම්
ජුලී හයිලන්ඩ්, එක්සත් රාජධානියේ සසප සහකාර ජාතික ලේකම්
හා තවත් අය.

සමාජ මාධ්‍යය

ජාත්‍යන්තර මැයි දිනයේ අන්තර්ජාලය ඔස්සේ රැලියට අදම ලියාපදිංචි වන්න!

ජාත්‍යන්තර මැයි දින රැලිය යූටියුබ් තුලින් විකාශනය කෙරේ. විකාශනයට සම්බන්ධතාවය (ලින්ක්) ලියාපදිංචිවූ සියල්ලන් වෙත, රැලියට පෙර දිනය තුල යවනු ඇත. මෙම රැලියට නොමිලේ සම්බන්ධ විය හැකි අතර මහජනතාවට විවෘතය. මෙහි වියදම් පියවා ගැනීම සඳහා ඔබගේ ආධාරය බලාපොරොත්තු වන අතර එය පහත දැක්වෙන දෙවන තේරීම (ඔප්ෂන්) මත මුදල සටහන් කිරීමෙන් ලබා දෙන්න. ඔබට කෙලින්ම ආධාරය ලෝසවෙඅ වෙත ලබා දිය හැකි අතර ඒ සඳහා මෙහි ක්ලික් කරන්න.

ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ ගැටලු ඇතොත් මෙහි ක්ලික් කරන්න.